۞ وَاِذْ قَالَ اِبْرٰهِيْمُ لِاَبِيْهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةً ۚاِنِّيْٓ اَرٰىكَ وَقَوْمَكَ فِيْ ضَلٰلٍ مُّبِيْنٍ
wa iż qāla ibrāhīmu li'abīhi āzara atattakhiżu aṣnāman ālihah(tan), innī arāka wa qaumaka fī ḍalālim mubīn(in).
තවද (මතක තබා ගන්න) ඉබ්රාහීම් තම පියා වන අසාර්ට, “ඔබ එම පිළිම දෙවිවරුන් ලෙස තැබීම සුදුසුද? නියත වශයෙන්ම මම ඔබ සහ ඔබේ ජනතාව පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමි” යි පැවසූ අවස්ථාව.
اِذْ قَالَ لِاَبِيْهِ يٰٓاَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِيْ عَنْكَ شَيْـًٔا
iż qāla li'abīhi yā abati lima ta‘budu mā lā yasma‘u wa lā yubṣiru wa lā yugnī ‘anka syai'ā(n).
ඔහු (ඉබ්රාහීම්) තම පියාට, “මගේ පියාණෙනි! නොඇසෙන, නොපෙනෙන, ඔබට කිසිසේත්ම උදව් කළ නොහැකි දෙයකට ඔබ නමස්කාර කරන්නේ ඇයි?”යි පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).
يٰٓاَبَتِ اِنِّيْ قَدْ جَاۤءَنِيْ مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِيْٓ اَهْدِكَ صِرَاطًا سَوِيًّا
yā abati innī qad jā'anī minal-‘ilmi mā lam ya'tika fattabi‘nī ahdika ṣirāṭan sawiyyā(n).
මාගේ පියාණෙනි! නියත වශයෙන්ම ඔබට ලබා නොදුන් යම් දැනුමක් මා වෙත පැමිණ ඇත. එබැවින් මා අනුගමනය කරන්න. මම ඔබට සෘජු මාර්ගය පෙන්වන්නෙමි.
يٰٓاَبَتِ لَا تَعْبُدِ الشَّيْطٰنَۗ اِنَّ الشَّيْطٰنَ كَانَ لِلرَّحْمٰنِ عَصِيًّا
yā abati lā ta‘budisy-syaiṭān(a), innasy-syaiṭāna kāna lir-raḥmāni ‘aṣiyyā(n).
මාගේ පියාණෙනි! සාතන්ට නමස්කාර නොකරන්න. නියත වශයෙන්ම සාතන් පරම දයාවන්ත අල්ලාහ්ට අකීකරුය.
يٰٓاَبَتِ اِنِّيْٓ اَخَافُ اَنْ يَّمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمٰنِ فَتَكُوْنَ لِلشَّيْطٰنِ وَلِيًّا
yā abati innī akhāfu ay yamassaka ‘ażābum minar-raḥmāni fa takūna lisy-syaiṭāni waliyyā(n).
අහෝ මාගේ පියාණෙනි! ඔබ පරම දයාබර දෙවියන්ගෙන් දඬුවමකට ලක්ව, එවිට ඔබ ෂෙයිතාන්ගේ මිතුරන් බවට පත්වනු ඇතැයි මම සැබවින්ම බිය වෙමි.
اِذْ قَالَ لِاَبِيْهِ وَقَوْمِهٖ مَا هٰذِهِ التَّمَاثِيْلُ الَّتِيْٓ اَنْتُمْ لَهَا عٰكِفُوْنَ
iż qāla li'abīhi wa qaumihī mā hāżihit-tamāṡīlul-latī antum lahā ‘ākifūn(a).
(මතක තබා ගන්න), ඔහු (ඉබ්රාහීම්) තම පියාට සහ තම ජනතාවට, “ඔබ ඉතා උනන්දුවෙන් නමස්කාර කරන මෙම පිළිමය කුමක්ද?” යි ඇසූ අවස්ථාව.
اِذْ قَالَ لِاَبِيْهِ وَقَوْمِهٖ مَا تَعْبُدُوْنَ
iż qāla li'abīhi wa qaumihī mā ta‘budūn(a).
ඔහු (ඉබ්රාහීම්) තම පියාට සහ තම ජනතාවට, “ඔබ කුමක් නමදින්නේද?” යි ඇසූ විට.
اِذْ قَالَ لِاَبِيْهِ وَقَوْمِهٖ مَاذَا تَعْبُدُوْنَ ۚ
iż qāla li'abīhi wa qaumihī māżā ta‘budūn(a).
ඔහු තම පියාට සහ තම ජනතාවට, “ඔබ නමස්කාර කරන්නේ කුමක් ද?
وَاِذْ قَالَ اِبْرٰهِيْمُ لِاَبِيْهِ وَقَوْمِهٖٓ اِنَّنِيْ بَرَاۤءٌ مِّمَّا تَعْبُدُوْنَۙ
wa iż qāla ibrāhīmu li'abīhi wa qaumihī innanī barā'um mimmā ta‘budūn(a).
තවද, ඉබ්රාහීම් තම පියාට සහ තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාව (මතක් කරන්න), “නියත වශයෙන්ම මම ඔබ නමස්කාර කරන දෙයින් ඉවත් වෙමි.