يٰٓاَيُّهَا النَّاسُ اعْبُدُوْا رَبَّكُمُ الَّذِيْ خَلَقَكُمْ وَالَّذِيْنَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُوْنَۙ
yā ayyuhan-nāsu‘budū rabbakumul-lażī khalaqakum wal-lażīna min qablikum la‘allakum tattaqūn(a).
අහෝ ජනයිනි!, ඔබලා භක්තිමත් විය හැකි වනු පිණිස, ඔබලාවද, ඔබට පෙර සිටි අයවද මැවූ ඔබේ ස්වාමියාටම නමස්කාර කරන්න.
وَأْمُرْ اَهْلَكَ بِالصَّلٰوةِ وَاصْطَبِرْ عَلَيْهَاۗ لَا نَسْـَٔلُكَ رِزْقًاۗ نَحْنُ نَرْزُقُكَۗ وَالْعَاقِبَةُ لِلتَّقْوٰى
wa'mur ahlaka biṣ-ṣalāti waṣṭabir ‘alaihā, lā nas'aluka rizqā(n), naḥnu narzuquk(a), wal-‘āqibatu lit-taqwā.
තවද ඔබගේ පවුලේ අයට සලාතය ඉටු කරන ලෙස අණ කරන්න. ඒවා ඉටු කිරීමේදී ඉවසිලිවන්ත වන්න. අපි ඔබෙන් ආහාර ඉල්ලන්නේ නැත. අපි ඔබට ආහාර සපයන්නන් වෙමු. තවද (මරණින් මතු ජීවිතයේ යහපත්) ප්රතිඵල භක්තිමත් අයට හිමිවේ.
اَفَحَسِبْتُمْ اَنَّمَا خَلَقْنٰكُمْ عَبَثًا وَّاَنَّكُمْ اِلَيْنَا لَا تُرْجَعُوْنَ
afa ḥasibtum annamā khalaqnākum ‘abaṡaw wa annakum ilainā lā turja‘ūn(a).
ඉතින් අපි ඔබව (කිසිදු අරමුණක් නොමැතිව) සෙල්ලමකින් නිර්මාණය කළ බවත්, ඔබ අප වෙත නැවත ගෙන එනු නොලබන බවත් ඔබ සිතුවාද?
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُوْنِ
wa mā khalaqtul-jinna wal-insa illā liya‘budūn(i).
මා ජින්වරුන් සහ මිනිසුන් මැව්වේ ඔවුන් මට නමස්කාර කිරීම සඳහා මිස වෙන කිසිවක් නොවේ.
وَمَآ اُمِرُوْٓا اِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ ەۙ حُنَفَاۤءَ وَيُقِيْمُوا الصَّلٰوةَ وَيُؤْتُوا الزَّكٰوةَ وَذٰلِكَ دِيْنُ الْقَيِّمَةِۗ
wa mā umirū illā liya‘budullāha mukhliṣīna lahud-dīn(a), ḥunafā'a wa yuqīmuṣ-ṣalāta wa yu'tuz-zakāta wa żālika dīnul-qayyimah(ti).
අල්ලාහ්ට අවංකව නමස්කාර කිරීමටත්, ආගම වෙනුවෙන් පමණක් ඔහුට කීකරු වීමටත්, සලාතය ඉටු කිරීමටත්, සකාත් ගෙවීමටත් ඔවුන්ට අණ කරන ලද්දේ එයයි. එයයි ඍජු (සැබෑ) ආගම.