وَيَوْمَ يُنْفَخُ فِى الصُّوْرِ فَفَزِعَ مَنْ فِى السَّمٰوٰتِ وَمَنْ فِى الْاَرْضِ اِلَّا مَنْ شَاۤءَ اللّٰهُ ۗوَكُلٌّ اَتَوْهُ دٰخِرِيْنَ
wa yauma yunfakhu fiṣ-ṣūri fa fazi‘a man fis-samāwāti wa man fil-arḍi illā man syā'allāh(u), wa kullun atauhu dākhirīn(a).
තවද (සිහිපත් කරනු ලබන) හොරණෑව පිඹින දිනයේදී, අහස්හි ඇති දේද, පොළොවෙහි ඇති දේද, අල්ලාහ් අභිමත කළ අය හැර, පුදුමයට පත් වනු ඇත. ඔවුන් සියල්ලෝම ඔහු ඉදිරියට යටහත් පහත් ලෙස පැමිණියහ.
وَنُفِخَ فِى الصُّوْرِ فَاِذَا هُمْ مِّنَ الْاَجْدَاثِ اِلٰى رَبِّهِمْ يَنْسِلُوْنَ
wa nufikha fiṣ-ṣūri fa'iżā hum minal-ajdāṡi ilā rabbihim yansilūn(a).
එවිට හොරණෑව පිඹින ලද අතර, වහාම ඔවුන් තම සොහොන් වලින් (ජීවතුන් අතර) පිටතට පැමිණ, ඔවුන්ගේ ස්වාමියා වෙත ගියහ.
وَنُفِخَ فِى الصُّوْرِ فَصَعِقَ مَنْ فِى السَّمٰوٰتِ وَمَنْ فِى الْاَرْضِ اِلَّا مَنْ شَاۤءَ اللّٰهُ ۗ ثُمَّ نُفِخَ فِيْهِ اُخْرٰى فَاِذَا هُمْ قِيَامٌ يَّنْظُرُوْنَ
wa nufikha fiṣ-ṣūri faṣa‘iqa man fis-samāwāti wa man fil-arḍi illā man syā'allāh(u), ṡumma nufikha fīhi ukhrā fa'iżā hum qiyāmuy yanẓurūn(a).
තවද හොරණෑව පිඹින ලදී, එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සහ පොළොවෙහි සිටි සියල්ලන්ම මිය ගියහ. පසුව එය නැවත වරක් පිඹින ලදී. ඉන්පසු ඔවුන් (දෙවියන්ගේ තීරණය බලාපොරොත්තුවෙන්) (තම සොහොන් වලින් නැගිට්ටා).