وَاِذْ قُلْنَا ادْخُلُوْا هٰذِهِ الْقَرْيَةَ فَكُلُوْا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَّادْخُلُوا الْبَابَ سُجَّدًا وَّقُوْلُوْا حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطٰيٰكُمْ ۗ وَسَنَزِيْدُ الْمُحْسِنِيْنَ
wa iż qulnadkhulū hāżihil-qaryata fakulū minhā ḥaiṡu syi'tum ragadaw wadkhulul- bāba sujjadaw wa qūlū ḥiṭṭatun nagfir lakum khaṭāyākum, wa sanazīdul-muḥsinīn(a).
තවද, අපි මෙසේ පැවසූ විට (සිහිපත් වන්න) “මෙම දේශයට (බයිතුල්මක්දිස්) ඇතුළු වී, එහි ඇති (විවිධ ආහාර) ඔබ කැමති පරිදි රසවත් ලෙස අනුභව කරන්න. එහි දොරටුවට ඇතුළු වී, හිස නමා, “අපගේ පාපයන්ගෙන් අපව ගලවා ගන්න” යැයි පවසන්න. නියත වශයෙන්ම අපි ඔබේ වැරදි වලට සමාව දෙන්නෙමු. තවද යහපත කරන්නන්ට (ත්‍යාග) වැඩි කරන්නෙමු.”
يٰقَوْمِ ادْخُلُوا الْاَرْضَ الْمُقَدَّسَةَ الَّتِيْ كَتَبَ اللّٰهُ لَكُمْ وَلَا تَرْتَدُّوْا عَلٰٓى اَدْبَارِكُمْ فَتَنْقَلِبُوْا خٰسِرِيْنَ
yā qaumidkhulul-arḍal-muqaddasatal-latī kataballāhu lakum wa lā tartaddū ‘alā adbārikum fa tanqalibū khāsirīn(a).
මාගේ ජනයිනි! අල්ලාහ් ඔබට නියම කර ඇති ශුද්ධ භූමියට (පලස්තීනයට) ඇතුළු වන්න. (සතුරාට බියෙන්) ආපසු නොහැරෙන්න. එසේ නොකළහොත් ඔබ පරාජිතයෙකු වනු ඇත.
قَالُوْا يٰمُوْسٰٓى اِنَّ فِيْهَا قَوْمًا جَبَّارِيْنَۖ وَاِنَّا لَنْ نَّدْخُلَهَا حَتّٰى يَخْرُجُوْا مِنْهَاۚ فَاِنْ يَّخْرُجُوْا مِنْهَا فَاِنَّا دٰخِلُوْنَ
qālū yā mūsā inna fīhā qauman jabbārīn(a), wa innā lan nadkhulahā ḥattā yakhrujū minhā, fa iy yakhrujū minhā fa innā dākhilūn(a).
“ඕ මූසා! නියත වශයෙන්ම ඒ දේශයේ ඉතා ශක්තිමත් හා කෲර මිනිසුන් සිටිති. ඔවුන් එයින් පිටව යන තුරු අපි එයට ඇතුළු නොවන්නෙමු. ඔවුන් එතැනින් පිටව ගියහොත් අපි නිසැකවම එයට ඇතුළු වන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.
قَالَ رَجُلَانِ مِنَ الَّذِيْنَ يَخَافُوْنَ اَنْعَمَ اللّٰهُ عَلَيْهِمَا ادْخُلُوْا عَلَيْهِمُ الْبَابَۚ فَاِذَا دَخَلْتُمُوْهُ فَاِنَّكُمْ غٰلِبُوْنَ ەۙ وَعَلَى اللّٰهِ فَتَوَكَّلُوْٓا اِنْ كُنْتُمْ مُّؤْمِنِيْنَ
qāla rajulāni minal-lażīna yakhāfūna an‘amallāhu ‘alaihimadkhulū ‘alaihimul-bāb(a), fa iżā dakhaltumūhu fa innakum gālibūn(a), wa ‘alallāhi fa tawakkalū in kuntum mu'minīn(a).
අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබූ, භක්තිමත් මිනිසුන් දෙදෙනෙක්, “(රටේ) දොරටුවෙන් ඔවුන්ට පහර දෙන්න. ඔබ එයට ඇතුළු වුවහොත් ඔබ නියත වශයෙන්ම ජයග්‍රහණය කරනු ඇත. ඔබ විශ්වාසවන්තයින් නම්, අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබන්න” යැයි පැවසූහ.