85
Q.S අල්-අන්'අම් (6:85)
وَزَكَرِيَّا وَيَحْيٰى وَعِيْسٰى وَاِلْيَاسَۗ كُلٌّ مِّنَ الصّٰلِحِيْنَۙ
wa zakariyyā wa yaḥyā wa ‘īsā wa ilyās(a), kullum minaṣ-ṣāliḥīn(a).
තවද සකරියා, යහියා, ඊසා සහ ඉල්යාස් යන සියල්ලෝම දැහැමි අය වෙති.
129
Q.S අස්-සෆාට් (37:129)
وَتَرَكْنَا عَلَيْهِ فِى الْاٰخِرِيْنَ ۙ
wa taraknā ‘alaihi fil-ākhirīn(a).
තවද අපි ඉල්යාස්ට (ප්‍රශංසාව) ඔහුගෙන් පසු පැමිණි අය අතර අමරණීය කළෙමු.
130
Q.S අස්-සෆාට් (37:130)
سَلٰمٌ عَلٰٓى اِلْ يَاسِيْنَ
salāmun ‘alā ilyāsīn(a).
"ඉල්යාස් කෙරෙහි සාමය ඇති වේවා."
131
Q.S අස්-සෆාට් (37:131)
اِنَّا كَذٰلِكَ نَجْزِى الْمُحْسِنِيْنَ
innā każālika najzil-muḥsinīn(a).
යහපත් ක්‍රියා කරන්නන්ට අපි ප්‍රතිඵල දෙන්නේ එලෙසය.
132
Q.S අස්-සෆාට් (37:132)
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِيْنَ
innahū min ‘ibādinal-mu'minīn(a).
නියත වශයෙන්ම ඔහු අපගේ විශ්වාසවන්ත ගැත්තන්ගෙන් කෙනෙකි.