27

Q.S අල්-අන්'අම් (6:27)

وَلَوْ تَرٰٓى اِذْ وُقِفُوْا عَلَى النَّارِ فَقَالُوْا يٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِاٰيٰتِ رَبِّنَا وَنَكُوْنَ مِنَ الْمُؤْمِنِيْنَ

wa lau tarā iż wuqifū ‘alan-nāsi fa qālū yā laitanā nuraddu wa lā nukażżiba bi'āyāti rabbinā wa nakūna minal-mu'minīn(a).

(මුහම්මද්,) ඔවුන් නිරයට ගෙන යනු ලබන විට ඔබ දුටුවේ නම්, “අපි (මෙලොවට) ආපසු ගෙන එනු ලැබුවහොත්, අපි අපගේ ස්වාමියාගේ වැකි ප්‍රතික්ෂේප නොකරමු, තවද අපි විශ්වාසවන්තයින් වන්නෙමු” යැයි ඔවුහු පැවසූහ.