44
Q.S අෂ්-ෂුරා (42:44)
وَمَنْ يُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ وَّلِيٍّ مِّنْۢ بَعْدِهٖ ۗوَتَرَى الظّٰلِمِيْنَ لَمَّا رَاَوُا الْعَذَابَ يَقُوْلُوْنَ هَلْ اِلٰى مَرَدٍّ مِّنْ سَبِيْلٍۚ
wa may yuḍlilillāhu famā lahū miw waliyyim mim ba‘dih(ī), wa taraẓ-ẓālimīna lammā ra'awul-‘ażāba yaqūlūna hal ilā maraddim min sabīl(in).
අල්ලාහ් විසින් කවරෙකුට නොමඟ යාමට අවසර දෙනු ලබන්නේද, ඉන්පසු ඔහුට ආරක්ෂකයෙකු නොමැත. අපරාධකරුවන් වධ වේදනාව දකින විට, "(මෙලොවට) ආපසු යාමට මාර්ගයක් තිබේද?" යනුවෙන් පවසනු ඔබ දකිනු ඇත.